දන්දීම සහ දන්සල් දීම.

විනාඩි දෙකක කතාවක්.

 

වෙසක් පෝයත් ළඟ එන නිසා දැන් ටික ටික දන්සල් කට්ටිය ගෙවල් ගානෙ යන කාලෙනෙ. මේකත් ඒකට සම්බන්ධ, පහුගිය දවසක වෙච්ච සිද්ධියක්.

දැන් අවුරුදු දෙකක් විතර තිස්සෙ අපේ ගෙවල් ළඟ කොල්ලො ටිකක් එකතු වෙලා දෙන දන්සලක් තියෙනව. බීම දන්සලක්. ඒක තියෙන්නෙත් අතුරු පාරක නිසා වැඩිය සෙනඟ සෙට් වෙන්නෙත් නෑ. ඒත් වැඩේ කෙරෙනව.

දවසක් අපිට ගේ ඇතුළට ඇහෙනව පාරෙ මොකක් හරි ලොකු සද්දෙට යන කතාවක්.

පොඩි ගෝරියක් වගෙ.

තාත්තයි මායි ත් එළියට බහිනව සිද්ධිය මොකද්ද කියල බලන්න.

ගෙවල් පැත්තෙම ඉන්න අන්කල් කෙනෙක්, අර කොල්ලො ටිකත් එක්ක පොඩි වචන හුවමාරුවක්.

 

“මට තව පනස් හයදාහයි එකතු කරගන්න තියෙන්නෙ. ඒකයි මම අහන්නෙ. මට ඔය එකතු වෙච්ච සල්ලි වලින් පොඩි උදව්වක් කරන්න”

“දැන් අන්කල්ට තුන් හතර පාරක්ම කිව්වනෙ බෑ කියල. සිංහල තේරෙන්නෙ නැද්ද? යන්නකො වදයක් නොවී!”

“මහ ගොඩක් ඉල්ලනව නෙමෙයිනෙ. පුළුවන් නං දෙතුන් දාහක් දුන්නත් ලොකු දෙයක්”

 

කට්ටිය දකිනව තාත්තව.

 

“බලන්නකෝ අන්කල් මෙයා කියන කතාව. පොඩි එකාගෙ අසනීපෙකට බේත් වලට ලක්ෂයක් විතර යනවලු. තව පනස් හයක් එකතු කරගන්න තියෙනවලු. අපෙන් කීයක් හරි දෙන්නලු”

“දැන් කීයක් විතර එකතු වෙලා තියෙනවද?”

“දහ තුනක්. ඒත් එහෙම එක එක්කෙනාට  දෙන්න බෑනෙ අන්කල්”

“හ්ම්ම්.. පුතා මගෙ පර්ස් එක ගේන්න”

 

මම ගෙට ගිහින් තාත්තගෙ පර්ස් එක අරගෙන එනව.

පර්ස් එක අරින තාත්ත මාරු සල්ලි ඔක්කොම එහෙ මෙහෙ කරල, තියෙන එකම දාහෙ කොළේ ගන්නව.

ඒක අර අන්කල්ගෙ අතට දෙනව.

 

“පුළුවන් කමකට කරනව නෙමෙයි. අපිට ආරංචි වුනා පුතාට වෙච්ච කරදරේ ගැන. පුතාට ඉක්මනින් හොඳ වෙන්න කියල ප්‍රාර්ථනා කරනව”

 

අන්කල්ගෙ ඇස් දෙකේ කඳුළු පිරෙනව. තාත්ත එයාගෙ පිටට පොඩි තට්ටුවක් දාල, අර කොල්ලො ටික දිහාට හැරෙනව.

 

“තමුසෙල එකෙක්වත් ආයේ එන්නෙ එහෙම නෑ අපේ ගෙවල් පැත්තෙ, අරකටයි මේකටයි කියල සල්ලි ඉල්ලගෙන!”

 

උන් ටික උඩ බිම බලනව.

 

“ඔය දන්සලට වඩා වටිනව නේද මේ මනුස්සයට පුළුවන් උදව්වක් කළා නං? වැඩක් නෑ කතා කරල..”

 

අපි ගෙට යනව.

 

තව සතියකින් විතර බලාගන්න පුළුවන් වෙයි දන්සල කොහොමද කියල. එකතු වෙච්ච සල්ලි වලින් බාගෙකින් දන්සල කරල, ඉතුරු ටිකේ සොමිය දාන එවුන් තමයි මුන්.

හැම එකාම ඔහොම නෙමෙයි. එකතු වෙච්ච සල්ලි ඔක්කොම දෙන තරං එවුනුත් ඕනේ තරං මේ රටේ ඉන්නව. එහෙම උන් අතරෙ මේ වගෙ යක්කුත් ඉන්නව.

 

Advertisements

7 thoughts on “දන්දීම සහ දන්සල් දීම.

  1. ඔව් බන් දන්සල් දෙනවට වැඩිය කරන්නේ සන්සල් සල්ලි වලින් බාගයක් හොරා කන. අපිත් දන්සල් කරා අවුරුදු ගානක්. හොරකම් නිසා මටත් එපාම උනා දන්සල්.

    ලංකාවේ නිදහස්ම ෆෝරම් වෙබ් අඩවියේ බුද්ධිමතුන් අතරට ඔබත් එකතු වෙන්න

    • දන්සලක් කරනව කියන්නේ හොඳ වැඩක්. හැබැයි ඒක කරන්නේ තමන්ගේ මඩිය තර කරගන්න නං ඒක ජරා වැඩක්.

  2. Pingback: දන්දීම සහ දන්සල් දීම. | සතුටු වැස්ස බ්ලොග් කියවනය

  3. මෙහෙමයි මචන්ලා,පින් සිද්ධ කර ගන්න තමන්ගේ හිතේ අරමුණ තමයි වැදගත්.දන්සැලට හරි මොන කෙහෙම්මලට හරි ආධාර කරනවා නම් එක හිතින් දුන්නම ඉවරයි.එක්කෝ නොදී ඉන්න එක ඊට හොඳයි.දීලා සැක කරනවට වඩා.

    • ඒක ඇත්ත. ඒ වුනාට, තමන් හොඳ හිතින් දෙන සල්ලි, දෙන්නේ මොකක් හරි හොඳ වැඩකට යොදවන්න. නැතුව එක එකාගේ පොකට් එකට නෙමෙයිනේ. උඩින් එකක් කරන ගමන් යටින් තව ගේම් ගහන එකයි මෙතන හරි නැති වැඩේ..

ඔබේ අදහස්..

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s