“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

“පුතේ, පොඩ්ඩක් එන්නකෝ මේ ශටර් එක ලඟට”
“ඇයි තාත්ති?”
“අර බලන්න අර මිනිස්සු මේ කෝච්චිය දිහා බලං ඉන්න හැටි!”
“ඒගොල්ලො ටටාත් කියනව!”
“ඒක ඒගොල්ලන්ට පුරුදුයි. කෝච්චියක් යනකොට ටටා කියනව”
“තාත්ති, එතකොට අර අර දෙන්න මොකද්ද කරන්නෙ?”
“ආ ඒ තාත්තියි පුතයි උදේම උදලුත් අරගෙන මොකක් හරි වගාවක් කරන්න යනව. දැක්කද?”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලොත් තාත්තියි අම්මියි වගේ කොළඹ ඔෆිස් එකක වැඩ කරන්නෙ නැත්තෙ?”
“ඒ අය එච්චර ඉගෙන ගත්ත අය නෙමෙයිනෙ පුතේ. ඉතිං ඒගොල්ලන්ට අම්මියි තාත්තියි වගේ ඔෆිස් වල වැඩ කරන්න බෑ”
“එතකොට ඒගොල්ලන්ට සල්ලි?”
“ඔය වගා කරන ඒවයෙන් හම්බුවෙන සල්ලි ටිකක් තමයි”
“ඒ කියන්නෙ ඒගොල්ලො දුප්පත් අයද?”
“ඔව් නෙ”
“එතකොට ඒගොල්ලන්ට ටීවී, කම්පියුටර්, ඉන්ටර්නෙට්?”
“ඒවා නෑ පුතේ මෙහෙ ගොඩක් අයට”
“පවු නේද තාත්ති ඒ මිනිස්සු?”

 

***

 

“පුතේ, ඉක්මනට වරෙන් ඔය උදැල්ලත් අරගෙන”
“ඇයි තාත්තෙ?”
“අර බලපං අර කෝච්චියේ ඉන්න මිනිස්සු අපි දිහා බලාගෙන යන හැටි!”
“ඒගොල්ලො අතුත් වනනව!”
“ඒගොල්ලො එහෙම තමයි. කෝච්චියෙ යන ගමන්, මඟ ඉන්න අයට අත වනනව. උඹත් අත වනපං”
“ඒ කොළඹ මිනිස්සුද තාත්තෙ?”
“ඔව්. ඔය රෑ කෝච්චියෙ එන ගොඩක් අය කොළඹින් එන අය තමයි”
“ඉතින් ඇයි ඒ? ඇයි ඒගොල්ලො කොළඹ ඉඳන් උඩරට එන්නෙ කෝච්චියෙ?”
“ඒ අය ලොකු සල්ලිකාරයොනෙ පුතේ. ඔය නිවාඩුවට එන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට කොයින්ද එච්චර සල්ලි?”
“ලොකු ලොකු රස්සා කළාම සල්ලි හම්බ කරන්න පුළුවන්”
“ඒ කියන්නෙ ගොඩක් සල්ලි තියෙන අය පෝසත් අයද?”
“එහෙම තමයි හිතාගෙන ඉන්නෙ”
“එතකොට ඒගොල්ලන්ට ගස්කොළන්, දිය ඇළි, අලුත් එළවලු?”
“ඒවා නෑ පුතේ එහෙ අයට”
“පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

 

Advertisements

6 thoughts on ““පවු නේද තාත්තෙ ඒ මිනිස්සු?”

    • ඇත්ත.. සමහර වෙලාවට මිනිස්සු හිතාගෙන ඉන්න විදිහ ටිකක් වැරදියි..
      ස්තූතියි කොමෙන්ටුවට සහ ‘ලුහුබැඳීමට’ 🙂

    • යනවා. ඒ වෙන වාහන නැති කමට එහෙම නෙමෙයි, “කෝච්චියේ යන්න”..

    • සල්ලි කියන්නේ හැම දේම කියල හිතාගෙන ඉන්න අයට ඒක එහෙම නෙමෙයි කියල තේරෙනකොට ටිකක් කල් ගිහින් වැඩියි.. ඒකයි එකම අවුල.

ඔබේ අදහස්..

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s